29 C
Colombo
Saturday, May 18, 2024

ව්‍යාජ බෝධිසත්වයාට වැඩවරදියි (වීඩියෝ)

- Advertisement -

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි බව පැවසෙන මොහු නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අනුව, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රතිකාර සදහා මානසික රෝහලකට යොමු කරන ලෙසත් ඉල්ලා අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...