29 C
Colombo
Saturday, May 18, 2024

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

- Advertisement -

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතින් මේ බව සඳහන් කළා.

විදෙස් සංචාරකයින් වෙත වීසා නිකුත් කිරීමේදී පසුගියදා කටුනායක ගුවන් තොටුපළේදී ඇති වූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ , අදාළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය සමාගමක් වෙත පවරා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා,

“මේ සම්බන්ධයෙන් මම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම මේ ප්‍රකාශවලට එරෙහිව මම මාර්ගගත ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දියානු සමාගමකට පවරා දීම පිටිපස්සේ ඉන්නේ මම කියලා සමාජ මාධ්‍යවල අසත්‍ය වාර්තා පළ වෙලා තිබුණා.

ගුවන් තොටුපළවල් එන්නේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා යටතේ පවතින සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතට. ආගමන කටයුතු අයිති වෙන්නේ අමාත්‍ය ටිරාන් අලස්ගේ විෂය පථයට. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ගුවන් තොටුපල කළමනාකරණය සහ ආගමන කියන්නේ  එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්.”


RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...