31 C
Colombo
Saturday, July 27, 2024

අද දින මැති ඇමතිවරුන් 19කට කොවිඩ් එන්නත

- Advertisement -

ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ කළ අතර අද දිනයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

එන්නත් ලබාදීමේ කටයුතු ඉදිරි දින දෙක තුළදී ද සිදුකිරීමට නියමිත බව ඔහු පවසා සිටියි.

මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබාගැනීම සඳහා අද පෙරවරුවේ යුද හමුදා රෝහල වෙත පැමිණි බව වාර්තා වේ.

අවස්ථා කිහිපයක දී කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවට ප්‍රකාශ සිදුකළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි බව සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...