24 C
Colombo
Saturday, March 25, 2023

මහින්දානන්ද නිදහස් කරනවාද නැද්ද ? තීරණය ලබන 25වනදා

- Advertisement -

රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 25 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කර සිටිනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් එම නියෝගය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ, සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමින් පනවා ඇති එම නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ, නඩුවේ පැමිණිල්ලට අදාළ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.

අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන බව සඳහන් කර සිටියා.

ඊට අදාළ ලිඛිත දේශනයක් ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට බාර දෙනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 25 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...