26 C
Colombo
Friday, October 25, 2024

දික්ඔය වතු කම්කරුවන් උද්ඝෝෂණයක

- Advertisement -

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප කඩිනමින් ලබාදීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද (11) උදැසන උද්ඝෝෂණයක නිරත වුණා.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරිමට ප්‍රථමයෙන් පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා.

ඔවුන් පවසන්නේ, රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කිරිමට පියවර ගෙන ඇතත් රජය මගින් තමන්ට වැඩි කළ රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් පියවර නොගන්නා බවයි.

රටේ පවතින ජීවන වියදම අනුව තමන් ලබාගන්නා වැටුපෙන් ජිවත් විය නොහැකි බවත් ඔවුන් සඳහන් කරනවා.

උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් කියා සිටියේ, වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම්නි යෝගය ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...