27.6 C
Colombo
Monday, May 20, 2024

ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා-ප්‍රසන්න

- Advertisement -

තමන් බලයට පැමිණිය හොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරුවන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

88/89 යුගයේදී මිනිසුන් මරමින් ජ.වි.පෙ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයේ තිබෙන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (8) එක් වෙමින්.

අන්තවාදී කණ්ඩායම් වලට බලය ගියහොත් නැවත එවැනි භයංකාර යුගයක් බිහිවවු ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ මෙම කතාව කිසි ලෙසකින්වත් විහිළුවට නොගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

” අපි මිනිස්සු ගැන හිතල වැඩ කරන කොට අපේ විරුද්ධවාදීන් තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා. ඔවුන් විදේශවලට ගිහිල්ල කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. සංචාරක ව්‍යාපාරය කඩා දමන්න කටයුතු කළා. විශේෂයෙන්ම සංචාරකයන් අරගල තියෙන, කෝලහාල තියෙන රටවලට එන්න කැමති නෑ.ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා. මිනිස්සු සාමකාමී අරගලයක් පටන් ගත්තා. නමුත් විපක්ෂය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. අපිට ඉතාම කෙටි කලකින් සංවර්ධන අභියෝගය ජයගන්න පුළුවන් වුණේ ජනතාව කළ කැපකිරීම නිසයි. ඉදිරි වසර දෙක මීටත් වඩා හොඳ වෙයි.මිනිස්සු කියන්නේ මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු කියලා. නමුත් ව්‍යවස්ථානුකූලව අපිට එහෙම වැඩකරන්න බැහැ. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියනවා. “

RECENT ARTICLES - SINHALA

උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා මාට්ටු

නීති විරෝධී මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය පවසනවා. දැනට කවරක්කූලම...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. කෙසේවෙතත් දැනට...

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...