27 C
Colombo
Saturday, June 10, 2023

යූරෝ කුසලානය – ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට

- Advertisement -

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ සුපරි 16 දෙනාගේ කාණ්ඩයේ තවත් තරග දෙකක් ඊයේ (28) පැවැත්වුණා.

පළමු තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව අතරයි.

තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවුණා.

දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම තවත් ගෝල 2 බැගින් ලබා ගැනීම හේතුවෙන් නියමිත කාලය අවසන් වනවිට 3-3ක් ලෙස තරගය සම තත්ත්වයක පැවතීම හේතුවෙන් ජයග්‍රාහකයන් තේරීම සඳහා අතිරේක කාලයක් දක්වා තරගය දීර්ඝ වුණා.

අතිරේක කාලයේදී ප්‍රතිවාදී ක්‍රොඒෂියාවට එරෙහිව ප්‍රබල හා ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වූ ස්පාඤ්ඤය තවත් ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව 5-3ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට ස්පාඤ්ඤය සමත් වුණේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය ද පහසුවෙන් වෙන් කරගනිමින්.

මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ යූරෝ කුසලාන තරග ඉතිහාසයේ දෙවැනිය⁣ට වැඩිම ගෝල සංඛ්‍යාවක් (08) වාර්තා වූ තරගය ලෙසයි.

යූරෝ කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් (09) වාර්තා වූ තරගය වන්නේ 1960 වසරේ ප්‍රංශය (05) හා යුගෝස්ලාවියාව (04) අතර පැවති අවසන් පූර්ව තරගයයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.