31 C
Colombo
Saturday, July 27, 2024

අධිවේගී මාර්ග පුද්ගලික අංශයට දීපු කතාව බොරුවක් – බන්දුල (වීඩියෝ)

- Advertisement -

අධිවේගී මාර්ග පද්ධතියේ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකූ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Sahanya Investment යනු සියයට සියයක්ම රජය සතු සමාගමක් වන අතර, එය මාර්ග සංවර්ධන අධිකාරියට සහ භාණ්ඩාගාරයට අයත් වන බව බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.

මාර්ග සංවර්ධන අධිකාරිය ලාභදායී ආයතනයක් නොවන අතර එය ඉතා විශාල ණය ප්‍රමාණයක් ගෙවීම සම්බන්ධයෙන් අර්බුධයකට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

“ලංකාවේ ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන ලැයිස්තුවේ, තියෙන්නේ ඛනීජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය.. ඒවා මහා දැවැන්ත අර්බුදවල තියෙන. ඒ ආයතන අර්බුදවලින් ගොඩ ඒම සඳහා උපායමාර්ගික ක්‍රමවේද අනුගනය කරන්න ඕන. ඒවා පුද්ගලීකරණය කරන්නේ නැහැ, කාර්‍යක්ෂම කරන්න අවශ්‍ය පියවර ගන්නවා”

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා. ඉෂාක් රහුමාන්...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...