28 C
Colombo
Saturday, May 18, 2024

SLIIT වෙතින් අනාගත සිසුන්ට උපාධි වැඩසටහන් පිළිබඳව දැනුම්වත් කෙරෙන පුළුල් අධ්‍යාපනික ප්‍රදර්ශනයක්

- Advertisement -

SLIIT විසින් සිසුන්ගේ අධ්‍යාපනික සීමාවන් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආයතනයේ අධ්‍යාපනික අවස්ථා, ජාත්‍යන්තර හුවමාරු අවස්ථා සහ ජාලගත සබඳතා, රැකියා අවස්ථා හා නියැලීමේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනයක් සහිත සුවිශේෂී Hybrid විවෘත සතියක් (Hybrid Open Week) පැවැත්වීමට සූදානම් කර ඇත. එය ලබන මාර්තු මස 13 දා සිට 19 දක්වා මාර්ගගතව (Virtual event) සහ SLIIT පරිශ්‍රය තුළදී (On Campus) පැවැත්වේ.

මාර්ගගතව පැවැත්වෙන විවෘත දිනය (Virtual Open Day) 2022 මාර්තු 13 දා පෙ.ව. 9.00 සිට පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහිදී අනාගත සිසුන්ට සහ උනන්දුවක් දක්වන පුද්ගලයින්ට SLIIT ආයතනය මාර්ගගතව නැරඹීමට (Virtual campus tour) අවස්ථාව හිමි වේ. ඒ මඟින් ඔවුන්ට SLIIT හි ස්මාර්ට් පන්තිකාමර සහ අලුතින් ස්ථාපිත කර ඇති විද්‍යාගාර ඇතුළු පහසුකම් පිළිබඳව සොයා බැලීමට සහ ඒවා අත්විඳීමට හැකි වනු ඇත.

මීට අමතරව වර්තමාන සිසුන්ගේ ‘Life at SLIIT’ පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් පිළිබඳව ඔවුන්ගෙන්ම දැන ගැනීමට අවස්ථාව හිමිවේ. SLIIT හි පළපුරුදු විද්වතුන් සමඟ පැවැත්වෙන Q & A sessions සඳහා ද මාර්ගගතව කෙරෙන සැසිය අතර තුරදී සම්බන්ධ විය හැකි වේ.

මෙම වැඩසටහන මඟින් පරිගණක, ඉංජිනේරු, මානව ශාස්ත්‍ර හා විද්‍යා සහ ව්‍යාපාර වැනි සියලුම පීඨවල පීඨාධිපතිවරුන් සමඟ General session ද පවත්වනු ලබන අතර, ඔවුන් හරහා අධ්‍යයන වැඩසටහන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සිසුන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඉන් අනතුරුව පළපුරුදු කථිකාචාර්යවරුන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රශ්නෝත්තර සැසි වාර ද පැවැත්වීමට නියමිතය.

ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම සූම් (Zoom) සහ ෆේස්බුක් (Facebook) හරහා සැසි දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන්නන් ඊට ඇතුළත්වීම සඳහා සැසිවාරයට පෙර ලියාපදිංචි විය යුතු වේ. වැඩිදුරටත් තොරතුරු අපේක්ෂාවෙන් සිටින අය සඳහා ප්‍රශ්නෝත්තර සැසියක් ද සංවිධානය කිරීමට නියමිතය.

සහභාගීවන්නන් හට සෑම වැඩසටහනක් තුළදී විවිධ වූ විශේෂ අවශ්‍යතාවයන් සලසාදීම වෙනුවෙන් සියලුම පීඨවලට අයත් ප්‍රශ්නෝත්තර සැසි සඳහා වෙන් වෙන්වූ Zoom break out rooms ස්ථාපිත කර ඇත. සිත්ගන්නා ප්‍රශ්නෝත්තර සැසියක් තෝරා ගැනීමට සහ කැමති විෂය ගවේෂණය කිරීමට හා සාකච්ජා කිරීම සඳහා ඔවුන්ව අවශ්‍ය Zoom break out rooms වෙත සම්බන්ධ කිරීම මඟින් සහභාගීවන්නන් දිරිමත් කිරීමක්ද සිදුවේ.

මාර්ගගත වැඩසටහන් සියල්ල අවසන් වීමෙන් පසුව 2022 මාර්තු මස 14 දා සිට 19 දක්වා පෙරවරු 10.00 සිට SLIIT පරිශ්‍රය තුළදී (?? ??????) සිසුන් සඳහා හමුවක් පැවැත්වීමට ද නියමිතය. සහභාගීවන්නන් හට SLIIT පරිශ්‍ර ගවේෂණය කිරීමට සහ ස්මාර්ට් පන්තිකාමර, අලුතින් ස්ථාපිත කර ඇති විද්‍යාගාර සහ අනෙකුත් පහසුකම් භෞතික වශයෙන් අත්විඳීමට හා විශ්වවිද්‍යාලය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමේ අවස්ථාව ද ඒ මඟින් හිමි වේ.

සහභාගීවන්නන්ට වර්තමානයේ සිටින සිසුන් සමඟ පුද්ගලිකව කතා කිරීමට සහ ‘Life at SLIIT’ පිළිබඳ ඔවුන්ගේ අදහස් තුළින් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. SLIITහි උපාධි වැඩසටහන් සහ වෘත්තීය මාර්ග පිළිබඳ වැඩිදුරටත් අවබෝධයක් ලබා ගැනීම සඳහා SLIITහි පළපුරුදු විද්වතුන් සමඟ සැසිවාරයක්ද සංවිධානය කර ඇත.

මේ වැඩසටහන් මාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු සහ විස්තර +94 11 7544801 දුරකථනය මඟින් හෝ [email protected]  විද්‍යුත් ලිපිනය මඟින් ලබාගත හැකිය. SLIIT, නව නුවර පාර, මාලබේ යන ලිපිනය වෙත පැමිණීමෙන් හෝ ලබා දී ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සැලසේ.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...