29 C
Colombo
Saturday, July 27, 2024

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

- Advertisement -

බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

ඒ අනුව නිදහස් අධ්‍යාපනය නිදහස් විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

“ප්‍රශ්ණ ඇතිවෙන්නේ සාකච්ඡා කරන්න ගත්තහම. ඒ නිසා මම සාකච්ඡා ඕන නැහැ කියන්නේ නැහැ. ඔයාලා කියනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අල්ලාගෙන ඉන්නවා කියලා. අවුරුදු 35 මිනිහෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්නේ කොහොමද?. ඒක ගැන අපි කතා කරමු. ආණ්ඩු පක්ෂය ඒකට සහය දෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල අපි එකඟවෙලා තියෙන සුදුසුකම් අනුව ශිෂ්‍යයන් තෝරනවා නම් හැම කෙනාටම දුප්පත් වුණත් පෝසත් උණත් අපි ලෑස්ති ණය ඉතා සහන මට්ටමට දෙන්න.

සමහර පවුල්වල අය දුප්පත්කම නිසා ගෙවන්න බැරි නම් අපි දෙන්නම් ප්‍රදානයක්. අපි මුදල් දෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නෙමෙයි විශ්වවිද්‍යාලවලට. අනිත් හැම රටක්ම මුදල් දෙන්නේ දරුවන්ට. ලංකාවේ දැන් රැකියා වෙළෙඳපොළට ගැලපෙන්නේ නැති පීඨ තියෙනවා. මට කියන්න ලංකාවේ ගාස්තු අය නොකරන එක විශ්ව විද්‍යාලයක්. හැම විශ්ව විද්‍යාලයක්ම බාහිර උපාධිවලට ගාස්තු ගන්නවා. තව කෙටි කාලයකින් අභ්‍යන්තර උපාධියටත් ගාස්තු ගනීවි.

අධ්‍යාපනය නිදහස් නම් බාහිර කරත් අභ්‍යන්තර කරත් නිදහස් වෙන්න ඕන. අපිට තියෙන්නේ බාහිර උපාධිවලට බදු අය කරන්න. ඒ අය ව්‍යාපාරයක් කරනවා නම් අපි බද්ධක් අය කරන්න ඕන. අඩුම තරමේ වැට් එක හරි දාන්න ඕන.

කවුද මේ පංති පවත්වන්නේ. මේ පංති පවත්වන සමහර අය විශ්වවිද්‍යාවල ඉන්න අය. මෙතන යනවා පුද්ගලික ක්‍රමවේදයක්. අපිට කරනවා මේක කරන්න එපා කියලා. අපි මේක නැවැත්විය යුතුයි. මේකට ලෑස්තිනම් අපි සාකච්ඡා කරමු”

RECENT ARTICLES - SINHALA

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

නීතිඥ සංගමයෙන් දේශබන්දු ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිගේ පත් වීමට අදාළව මෑතකදී නිකුත් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය පිළිබඳව තම මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...