හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම කමිටුවට සෙසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, චරිත් සේනානායක, අසන්ත ද මෙල් සහ කපිල විජේගුණවර්ධන ඇතුළත්.
පෞද්ගලික හේතූන් මත සහ පවුල, ව්‍යාපාර සමඟ මේ මොහොතේ කාලය ලබා දීමට නොහැකි වීම නිසා එම කමිටුවෙන් ඉවත් වුණ බවයි ඔහු පවසා ඇත්තේ.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළ සියලූ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පිහිටුවා තිබුණා.