29 C
Colombo
Saturday, July 27, 2024

ජෝර්ජියා පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

- Advertisement -

විවාදයක් අතරතුර ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඊයේ (15) ගැටුමක් හට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටින අතරතුර ජෝර්ජියාවේ පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දීමෙන් අනතුරුව මෙම ගැටුම හට ගෙන තිබුණා.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර දරුණු ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

ජෝර්ජියාවේ විදෙස් සංවිධානවලට දැඩි සීමා පනවන “ විදේශ නියෝජිතයින්” (foreign agents) සම්බන්ධ නීතිය පිළිබඳව පැවති විවාදයක් අතරතුරදී මෙම ගැටුම හට ගෙන තිබුණා.

විදේශ අරමුදල් ලබා ගන්නා සංවිධාන විදේශීය නියෝජිතයන් ලෙස ලියාපදිංචි කිරීමට සහ දඩ මුදල් ගෙවීමට සලස්වන නීතියක් ගෙන එන බවට ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය මේ මස මුලදී නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණයට මින් පෙර මත් වූ විරෝධතා හේතුවෙන් එය අතහැර දමා මාස 13කට පසුව පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය මෙම නීතිය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගෝඨා එලවපු ජනතාව රනිල්ට පිස්සු නටන්න දෙන්නෙ නෑ-ජෝසෆ් ස්ටාලින් (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන සම්බන්ධයෙන් තීරණය දුන් දිනම කැබිනට් මණ්ඩලය විසින් එය අධ්‍යනය කිරිමට දින දෙකක් ගැනිමේ සිදුවිම රටේ ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක්...

මාස 10ට මනුෂ්‍ය ඝාතන 488ක්

පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා. ඉන් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි...

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...