29 C
Colombo
Sunday, June 4, 2023

එන්නත ගත්තත් ප්‍රවේශම් වන්නැයි චීනය දන්වයි

- Advertisement -

එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජූලි මාසයේදී චීනයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යා හැකි බවයි චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

ඩෙල්ටා ප්‍රභේදය බෝවීම මුල් කොවිඩ්-19 ප්‍රභේදවලට වඩා අවම වශයෙන් දෙගුණයක වේගයෙන් සිදුවන බව පෙන්වා දෙන චීන සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසන්නේ එන්නත ලබාගත් අයටද වෛරසය ආසාදනය වූ තත්ත්වයන් වාර්තා වන බවයි.

එබැවින්, මේ අවස්ථාවේදී ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු බවත් එන්නත්කරණය තවදුරටත් සිදු කිරීමෙන් අනතුරුව මෙම අවදානම පහව යනු ඇති බවත් ඔවුන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...