27.6 C
Colombo
Monday, May 20, 2024

සරත් ෆොන්සේකාත් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා – ඇයි අපෙන් විතරක් අහන්නේ –  ලාල්කාන්ත

- Advertisement -

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මෙහෙයවූ කුලී මැර හමුදාවන් විසින් දිගින් දිගටම දියත් කළ මර්දනයට මුහුණ දීම සඳහා 88-89 කාලසීමාවේදී අරගලකරුවන්ට ට්‍රාන්ස්ෆෝමර්වලට ප්‍රහාර එල්ල කරමින් සතුරන්ගේ සැපයුම් අවහිර කරමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම‍ට සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එහි සම්පූර්ණ වගකීම එවකට පැවති එක්සත් ජාතික පක්ෂය භාරගත යුතු බවයි.

එවකට කුලී මැරයින් රජයේ නිල නිවාස, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ආදී ස්ථාන වල රැඳී සිටිමින් සිය මෙහෙයුම් දියත් කළ බවත් ආණ්ඩුවේ මර්දනකාරී පාලනය විවේචනය කල පිරිස් මරා දමමින් ගෙන ගිය කුරිරු පාලනයට සහ එම මැර  කණ්ඩායම්වලට මුහුණදීම සඳහා අරගලකරුවන්ටද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විසින් මර්ධනකාරී වැඩපිළිවෙලක් දියත් කළ බවද සඳහන් කළ කේ, ඩී ලාල්කාන්ත මහතා  මෙම සාකච්ඡාවේදී සිහිපත් කරනවා.

ට්‍රාන්ස්ෆෝමර්වලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ තමන්ගෙන් ප්‍රශ්න කරනවා නම් එල්ටීටීඊ සංවිධානය සමඟ සටනේදී  හමුදා විසින් ට්‍රාන්ස්ෆෝමර් විනාශ කර දැමීම පිළිබඳ සරත් ෆොන්සේකා මහතාගෙන්ද  ප්‍රශ්න කළ යුතු බවද ලාල් කාන්ත මහතා මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...