29 C
Colombo
Saturday, May 18, 2024

තිලිණි ප්‍රියමාලි සහ සිරිසුමන හිමි ඇතුළු සිව්දෙනෙක් ලබන 16 දක්වා රිමාන්ඩ්

- Advertisement -

තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.

ඒ අත්අඩංගුවට ගත් උන්වහන්සේ අධිකරණය වෙත අද (02) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඊයේ (01) හවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව සිරිසුමන හිමි අත්අඩංගුවට ගනු ලැබුවා.

කඩවත පිහිටි විහාරස්ථානයේ දී උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.

තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට හවුල්කරුවන් සොයා ගැනීම වෙනුවෙන් මෙම භික්ෂුව සහය ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වාර්තාවල සඳහන් වන්නේ.

මේ අතර මුල්‍ය වංචාව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බවට සැලකෙන ඉසුරු බණ්ඩාර සහ ඇයගේ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් පෙරේරා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළා.

තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (02) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...