විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාල සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ, මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවයි.