25 C
Colombo
Monday, May 20, 2024

රුසියා – යුක්‍රේන යුද බිමට ගිය ලාංකිකයන් ගැන තොරතුරු දෙන්න

- Advertisement -

නීතිවිරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් විශේෂ අංශයක් පිහිටුවා තිබෙනවා.

මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112 44 11 46 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.

තවද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් අය සම්බන්ධ තොරතුරු තිබේනම් එම විස්තර ද ඉහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙසක් පෝයට සුරාසැල් වැසෙන දින මෙන්න

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා...

නිවසක සිටි කාන්තාවකට මා‍රාන්තික ඇසිඩ් ප්‍රහාරයක්

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාව මිය ගොස් ඇති බවයි. පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත අධිකරණයෙන් නියෝගයක් 

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...