25 C
Colombo
Monday, May 20, 2024

ඥානසාර හිමියන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලලා

- Advertisement -

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමන්‌ විසින් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්‌ සිදු කරන ලද ප්‍රකාශයේ දී මුස්ලිම් ප්‍රජාවට යම්‌ අපහසුතාවක්‌ සිදුවී නම්‌ ඒ සම්බන්ධයෙන්‌ සමාව අයැද සිටින බව ගලගොඩඅත්‌තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එම සිදුවීම සම්බන්ධව ඊයේ (15) කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දී .

මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරිපිට පැවති අතර එහිදී විත්ති කූඩුවේ සිට උන්වහන්සේ කනගාටුව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දින අවසන්‌ වූ අතර නඩුවේ තීන්දුව ලබන මාර්තු මස 28 වැනි දින ලබාදෙන බව විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 30 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අතරතුර දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්‌ සිදුකරන ලද ප්‍රකාශයක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක්‌ වන අයුරින්‌ ප්‍රකාශයක්‌ නිකුත්‌ කළේ යැයි නීතිපතිවරයා විසින්‌ බොදුබල සේනා නමැති සංවිධානයේ මහ ලේකම්‌ ගලගොඩඅත්‌තේ ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. කෙසේවෙතත් දැනට...

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...