24 C
Colombo
Thursday, February 20, 2025

වතු කම්කරු වැටුප ගැන ලැබුණු සුබ ආරංචිය

- Advertisement -

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණා.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබුණා.

කෙසේවෙතත්, ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම පැවසුවේ එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බවයි.

මෙවන් පසුබිමක මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණයට අනුව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට අද පියවර ගෙන තිබුණා.

ඒ අනුව අද පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේදී වතු කම්කරු ජනතාව වෙත මෙම වැඩි කළ දෛනික වැටුප් දිමනාව ලබාදිම සිදු කර තිබෙනවා.

මේ අතර, වැඩිකළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පහතරට වතු කම්කරුවන්ගේ සංගමය ඇල්පිටිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES