29 C
Colombo
Friday, June 2, 2023

රටවල් 42 ක් සමඟ කැනඩාවෙන් චීනයට එරෙහිව යෝජනාවක්

- Advertisement -

තවත් රටවල් 42 ක් සමඟ එක්ව කැනඩාව විසින් චීනයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුකරනු ලබන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිවයි.

අදාළ යෝජනාව මගින් පෙන්වා දී ඇත්තේ චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් වැසියන්ට එරෙහිව වදහිංසා, අමානුෂික සැලකීම් සහ දඩුවම් කිරීම්, බලහත්කාරයෙන් වන්ද්‍යාකරණය, ස්‍ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කිරීම වැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකරන බවයි.

ස්වාධීන විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමකට කිසිදු බලපෑමකින් තොරව ෂින්ජියෑන්ග් ප්‍රාන්තය නිරීක්ෂණ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද එම යෝජනාව මගින් අවධාරණය කර ඇත.

කැනඩාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ලෙස්ලි නෝර්ටන් විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය ඇතුලු ප්‍රධාන පෙළේ රටවල් රැසක්ම සිය දායකත්වය ලබාදී තිබීම විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...