29 C
Colombo
Saturday, May 18, 2024

ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25) පැවැත්වුණා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වු අතර පන්දු ඕවර 20.5දී නෙදර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

වික්‍රම්ජිත් සිං නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහු රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 25ක්.

ඇඩම් සම්පා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර් තුනක දී ලකුණු 8ක් ලබා දී කඩුළු 4ක් ලබා ගත් අතර මෙය ඇඩම් සමපා එක දිගට තුන්වන වතාවටත් කඩුළු 4ක් දවා ගත් අවස්ථාවද වෙනවා.

අද තරගය ලෝක වාර්තා කිහිපයක් අලුත් කළ තරගයක් බවට පත් කරන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

පන්දු 40කදී ශතකයක් වාර්තා කරමින් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල්ගේ ඉනිම ඉතිහාසගත එක් වීමද විශේෂත්වයක්.

එමෙන්ම පන්දු යැවීමේදී බැස් ඩී ලීඩ්ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වු අතර එය එක් දින තරගාවලියකදී පන්දු යවන්නෙක් ලබා දුන් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත්වලට ඇතුළත් වෙනවා.

මිචෙල් ස්ටාර්ක් මේ වන විට එක්දින ලෝක කුසලාන කඩුලු 56ක් දවාගෙන ඇති අතර, ඔහු ලසිත් මාලිංග සම කරමින් තෙවැනි ස්ථානයට පත් විය.

ඔවුන්ට වඩා වැඩි ගණනක් කඩුලු ලබා ගෙන ඇත්තේ ග්ලෙන් මැග්‍රාත් (71) සහ මුත්තයියා මුරලිදරන් (68) පමණි.

මේ ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනට තරග 3ක් ජයගෙන ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ 4 වෙනි ස්ථානයේ පසුවනවා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...