27 C
Colombo
Sunday, May 19, 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වර්ජනයක

- Advertisement -

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වරක් ලබන 09 වනදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාස 04ක සිට සිදුකළ අරගලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව මත පසුගිය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිටත් එම එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අද (08) දින තීරණය කළ බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

09 – උතුරු මැද පළාත
13 – මධ්‍යම පළාත
14 – සබරගමුව පළාත
15 – වයඹ පළාත
16 – දකුණු පළාත
20 – ඌව පළාත
21 – බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...