31 C
Colombo
Saturday, July 27, 2024

ඔස්කා සම්මාන උළෙලේදී බැබලුණු විශිෂ්ටයින් මෙන්න

- Advertisement -

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල අද (11) අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණා.

96 වන ඔස්කා සම්මාන උළලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද හිමිකර ගැනීමට සම්ත් වුයේ “Oppenheimer” චිත්‍රපටයයි.

මීට අමතරව Best Cinematography, Best Original Score, සහ Best editing යන සම්මාන ද හිහි වුයේ “Oppenheimer” චිත්‍රපටයට හිමි වුණා.

Cillian Murphy හොඳම නළුවා සම්මානය හිමි කර ගත්තේ “Oppenheimer” චිත්‍රපටය වෙනුවෙන්.

එමෙන්ම හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිකර ගත්තේ ද “Oppenheimer” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ  Christopher Nolan  විසින්.

ඒ අනුව 96 වන ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශ වු සම්මාන 13න් සම්මාන7ක් “Oppenheimer” චිත්‍රපටය විසින් දිනාගැනීම සුවිශේෂී අවස්ථාවක් වුණා.

“Poor Things” චිත්‍රපටයේ රඟපෑ Emma Stone හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මාන උළෙලේදී  හොඳම සහාය නිළිය ලෙස Da’Vine Joy Randolph  “The holdovers”  චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.

හොඳම සහාය නළුවා ලෙස Robert Downey Jr විසින් “Oppenheimer” චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් වුණා.

හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ The Zone of Interest ‘‘  චිත්‍රපටය සම්මාන හිමිකර ගත්තාය.

එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වු ජොනතන් ග්ලේසන් ගාසා තීරයේ සිදුකරන අමානුෂික ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

මේ අතර හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ  “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසින්.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...