28 C
Colombo
Saturday, May 18, 2024

ධනුෂ්කගේ නඩුව ගැන සිඩ්නි අධිකරණය ලබාදුන් අලුත්ම තීන්දුව මෙන්න

- Advertisement -

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගෙන් නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වනදා කල් දමා තිබෙනවා.

එම නඩුව අද (12) සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොණු කළ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බර් මස 06 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ දී සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙක මුදල් ඇපයක් මත ධනුෂ්කව මුදා හැරියේ නොවැම්බර් 17 වනදායි.

කෙසේ නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදී පැනවූ අතර එහිදී ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළා.

තවද පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ටර් ඇතුළු ජංගම දුරකථන යෙදවුම් භාවිතයෙන් වැළකීමද එම ඇප කොන්දේසි අතර වුණා.

ඒ අනුව (12) අද අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවයි.

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...