2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත මගින් ඒ බව පෙන්වාදී ඇති බවයි.
එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී තිබෙනවා.