31 C
Colombo
Saturday, July 27, 2024

ආදාහන මාර්ගෝපදේශ ව්‍යවස්ථා විරෝධියි- මානව හිමිකම් කොමිසම කියයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති හෝ ඒ් බවට සැකසහිත පුද්ගලයන් ආදාහනය පමණක් කිරීමට මාර්ගෝපදේශ නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ළුයවස්ථාවට පටහැනි බවත්, සෞඛයාරක්ෂිතව භූමිදාන කිරීම සදහා මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් මගින් දන්වා ඇත.

ඒ් නොවැම්බර් 25 දිනය. අදාල ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් පුද්ගලයන්ගේ ආගමික විශ්වාසයන් පිළිබඳව අයිතිය තහවුරු කර තිබෙන බවය. ඊට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මෙන්ම අයිසීසීපීආර් වැනි ජාත්‍යන්තර ප්‍රඥප්ති අනුවද ශ්‍රී ලංකාව ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳි සිටින බවත් කොමිසම එම ලිපියේ සදහන් කර ඇත.

ජාතික ආරක්ෂාව හෝ මහජන සෞඛ්‍යට බාධාවක් වන අවස්ථාවලදී ඒය සීමා කළ හැකි නමුත් දැනට පුද්ගලයන් ආදාහනය සදහා ගෙන ඇති තීන්දුව පිළිගත හැකි පදනමක් මත ගෙන නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

ලොක් සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යංශය මාර්තු 27 වන දින නිකුත් කරන ලද මාර්ගෝපදේවල කොවිඩ් 19 රෝගීන් භූමීදානය සදහා අවසර තිබුණු බවත් එම ලිපියෙන් පෙන්වාදී තිබේ. නොවැම්බර් 09 වැනිදා වන විට කොවිඩ් 19 නිසා මරණයට පත් වු 17 දෙනෙකු ආදාහනය කර ඇති බවත් ඒ් අතර ඇතැම් සිදුවීම්වලදී නිවෙස්වල තිබුණු තම ඥාතීන්ගේ සිරුරු බලහත්කාරයෙන් කොළඔ ජාතික රෝහල වෙත ගෙනයෑම පිළිබඳව වාර්තා වී ඇති බවත් ඒම ලිපියේ සදහන් කර ඇත..වද පීසීආර් පරීක්ෂණවලින් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරුද භුමීදානය කර ඇති බවත් ලිපියෙහි පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...