30.1 C
Colombo
Friday, April 26, 2024

සෞඛ්‍ය ඇමතිතුමියට වැඳ වැඳ කිව්වා ඇල්පිටිය රෝහල හදන්න කියලා. සතපහකට ගණන් ගත්තෙ නැහැ – ගීතා

- Advertisement -

තමන් විපක්ෂයේ සිටියදී සිතා සිටියේ ආණ්ඩු බලය ලබාගත් පසු ජනතාවට සිත්සේ සේවය කළ හැකි යැයි වුවත් මේ වන විට එය එසේ නොවන බවට වටහාගෙන අවසන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇය Youtube නාලිකාවක් සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකට පිළිතුරු දෙමින් පවසා සිටියේ මෙම ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බවයි.

ඇල්පිටිය රෝහල පිළිසකර කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වැඳවැටෙමින් කිහිප වරක්ම ඉල්ලීම් කළද ඇය ඇල්පිටිය රෝහල වෙනුවෙන් අද වන තුරුත් කිසිවක් නොකළ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

පොහොර තහනමක් සිදුකර මේ වන විට ගොවීන් අසරණ කර ඇති බවත් එය ඉතාමත් මෝඩ තීරණයක් බවත් ඇය මෙහිදී සඳහන් කළා.

ආණ්ඩුවේ අභ්‍යන්තර කාරණා පිළිබදව ජනතාව දැනගතහොත් ජනතාව පුදුම වෙන බවත් එම රහස් තමන් හෙළි නොකරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කරනවා.

එම වීඩියෝ පටය පහතින්,

RECENT ARTICLES - SINHALA

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...