25 C
Colombo
Monday, May 20, 2024

“මට මේවා වැඩි දවස් කතාකරන්න බැරිවෙයි” – චමුදිත (වීඩියෝ)

- Advertisement -

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා හා නිරූපන ශිල්පී පියුමි හංසමාලි මහත්මිය අතර ඇතිවූ දුරකතන සංවාදය පිළිබදව අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අද හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්වුණා.

එහි නිවේදක චමුදිත සමරවික්‍රම කියා සිටියේ මෙරට ක්‍රියාන්විත සේවයේ සිටි පුද්ගලයෙක් වන සරත් වීරසේකර මහතා පියුමි හංසමාලි මහත්මිය හට ඇඳුම් සැපයීමට කටයුතු කිරීම නින්දා සහගත බවයි.

එදින ඔවුන් රැගෙන ගිය බස් රථයද ඇමතිවරයාගේ නියමයෙන් තලංගම පොලීසියේ නවත්වා ඇඳුම් පැළදුම් ගැනීමට අවස්ථාව ලබාදී රුපියල් 5000 ද ලබාදුන්නාදැයි චමුදිත සමරවික්‍රම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා.

තත්ත්වය එසේ තිබියදීත් පියුමි හංසමාලි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ පරිදි පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ඇයට ඇඳුම් ගෙනවිත් දුන් වෛද්‍යවරයා හා ඔහුගේ බිරිද කවුදැයි සොයා බැලිය යුතු බවයි අදාළ වැඩසටහනේදී චමුදිත සමරවික්‍රම පෙන්වා දෙන්නේ.

සංචරණ සීමා රීති කඩකරමින් අත්අඩංගුවට ගන්නා පිරිස් පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිකුත් කරන නිවේදන මින් අනතුරුව තමන් කිසිදු විටෙක නිවේදනය නොකරන බවත් මෙම වැඩසටහනේදී ඔහු පවසනවා.

කෙසේ වෙතත් මෙම කාරණා වැඩිදවසක් ඔහුට කතාකිරීමට නොහැකිවනු ඇති බවත්, මෙරට ඉතිහාසය මතක බවත් පවසමින් ඔහු මීට පෙර මාධ්‍යවේදීන් ඝාතනය කල ආකාරය අඟවා සිටිනවා.

ඊට අදාළ දර්ශන පහත සබැදියෙන්

https://fb.watch/5WLA5Iqi4Q/

නිරෝධායන නීති කඩකිරීම පිළීබදව මෑත දින කිහිපයේ සිට දැඩි වේදනාවෙන් සාකච්ඡාවට බදුන් කරන චමුදිත සමරවික්‍රම මහතා කිසිදු විටෙක හිරු ටීවි ආයතනය නිරෝධායන නීති කඩකරමින් සිදුකල කිසිදු ක්‍රියාවන් හා ඒ හේතුවෙන් කලාකරුවන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආකාරය පිළීබදව වචනයක් හෝ නොකීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...