25 C
Colombo
Monday, May 20, 2024

මං මට පුළුවන් විදියට වැඩේ කළා-රනිල්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සභාවේ අදහස් දැක්වූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතායි.

මේ මොහොත වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද කියා එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එක්වුණා.

එහිදී ජනාධිපතිවරයා සහ ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මේ සියළු දේවල් විමසීමට විවාදයක් පැවැත්විය යුතු බවත්, මේ වෙලාව ඊට සුදුසු අවස්ථාවක් නොවන බවයි

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පවතින සියළු ගැටළුවලට විපක්ෂනායකවරයා වගකිව යුතු බවයි.

” මං හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් විවාදයක් තිබ්බොත් හොඳයි.. පක්ෂ විපක්ෂ විවිධ මත තියනවා.. ඒත් මං විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වගකියන්න ඕන.. අප්‍රේල් 10 වැනිදා අගමැතිකම භාරගත්තා නම් මෙවැනි ගැටළු ඇති වෙන්නේ නැහැ… මං මට පුළුවන් විදියට වැඩේ කළේ..”

අනතුරුව පක්ෂ විපක්ෂ ඝෝෂා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයෙන් පිටව ගිය අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ සිය ගැටළුවලට පිළිතුරු ලබා දී පිටව යන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ධාවනය කරන රියදුරන්ට  ධාවන වේගය...

ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට?

ලොව ප්‍රමුඛතම ධනවතකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට පුවතක් වාර්තා...

පාර්ලිමේන්තුවේ කෑම රස නැහැ

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැති බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...