25 C
Colombo
Monday, May 20, 2024

මම භාර ගත්තේ අපායට වැටුණ රටක් – රනිල් (වීඩියෝ)

- Advertisement -

තමා භාරගෙන ඇත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා භාරගත්තේ දුෂ්කර මොහොතකයි. මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා.බයක් සැකක් නැතිව රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා.මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි. සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ර⁣ට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.”

RECENT ARTICLES - SINHALA

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ධාවනය කරන රියදුරන්ට  ධාවන වේගය...

ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට?

ලොව ප්‍රමුඛතම ධනවතකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට පුවතක් වාර්තා...

පාර්ලිමේන්තුවේ කෑම රස නැහැ

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැති බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...