තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ, අද (08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමින්.
පක්ෂයේ නායකයා ලෙස තමන් නිසි ලෙස දේශපාලනය කර තිබෙන බවයි සිරිසේන මහතා පවසන්නේ.
එමෙන්ම, සතුටින්ම සිටින දේශපාලකයා තමන් බවත් ගමේ කොල්ලෙක් වී සිට ජනධිපතිවීමටද හැකි වූ බවත් හිටපු ජනධිපතිවරයා පවසනවා.
එමෙන්ම, ඊයේ දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ වත්මන් ඩොලර් හිඟයට රජයේ මානව හිමිකම් කඩකිරීම් ද හේතුවක්ව ඇති බවයි.