26 C
Colombo
Friday, October 25, 2024

මිරිස්වලින් අයිස් ක්‍රීම් එකක්

- Advertisement -

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ මහතා විසින් නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් ඊයේ (27) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමනු ලැබුවා.

මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපලට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව ඒ මහතා පවසනවා.

ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස්වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

රුවන් ලංකාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ දෙකක් හඳුන්වා දී ඇතී අතර ඉදිරියේ දී මෙම මිරිස් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...