29 C
Colombo
Saturday, July 27, 2024

පාස්කු ප්‍රහාරය පිළිබද පදනම් විරහිත ප්‍රකාශ සිදුකළහොත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සිදුවෙයි – පොලිස්පති

- Advertisement -

මෙරට වත්මන් පොලිත්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඔහු ධූරයට පත්වීමෙන් පසු මුල්වරට මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් ඊයේ (25) සුවිශේෂි ප්‍රකාශයක් සිදුකළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබදවයි.

පොලිස්පතිවරයා විසින් සිදුකළ මෙම විශේෂ ප්‍රකාශයේ විනාඩි 20ක කාලයකින් සමන්විත වුණා.

එහිදි පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කරන ලද කරුණු අතර සුවිශේෂිම වූයේ මෑතකදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකරන ලද නොයෙකුත් ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා රතු එළියක් දැල්වීමයි.

උපුටා ගැනීම,

” වර්තමාන සමාජයේ විවිධ පුද්ගලයන් නොයෙකුත් මාධ්‍ය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධියට හා එයට අදාළව විමර්ශන සම්බන්ධ විවිධ මත ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්නේ නම්, යම් කාලසීමාවක් තුළ විමර්ශන අවසන් විය යුතු බවට සහ ඔවුන් නම් කරන තැනැත්තන් හෝ කණ්ඩායම් මෙම අපරාධ සැලසුම් කළ, මෙහෙය වූ හෝ සිදුකළ බවට විවිධ මත හා සමීක්ෂණ ප්‍රතිඵල මගින් ඉදිරිපත් කරනවා. මේ දක්වා විවිධ පාර්ශව විසින් සිදුකර තිබෙන ප්‍රකාශ හා මත වල අඩංගු කරුණු ගැඹුරින් විමර්ශනයට ලක්කර ඇති නමුත් ඒ සියලු ප්‍රකාශ, මත හා තර්කයන් සත්‍යයෙන් තොර හා පදනමකින් තොර හුදු ප්‍රකාශ පමණක් බවට තහවුරු වුනා. ලංකාවේ පවත්නා නීතිය අනුව හුදු මතයක් අධිකරණය වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. ඒ පිළිබදව විමර්ශනය සිදුකළ යුතු අතර කරුණු සහිතව අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට එය ඔප්පු කිරීම අවශ්‍ය වෙනවා. එබැවින් මෙවැනි මත හෝ තර්ක ඉදිරිපත් කරන අයවලුන්ට මා කියා සිටින්නේ, අධිකරණයේ නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සදහා අදාළ කරගත හැකි කරුණු පමණක් ඉදිරිපත් කරන ලෙසත්, පුද්ගලික ප්‍රසිද්ධියක් හෝ තාවකාලික ජනප්‍රියත්වයක් ලබා ගැනීම සදහා මෙවැනි හිස්, පදනම් විරහිත මත හා තර්ක ඉදිරිපත් නොකරන ලෙසයි. විමර්ශන අවසන් කිරීමෙන් පසු නීතිපතිතුමා විසින් අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් සිදුවිය හැකි ආකාරයෙන් පදනම් විරහිතව සිදුකරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සිදුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව මෙවන් පිරිස් වක සැලකිල්කට යොමු කිරීමට කැමතියි. “

මීට අමතරව පොලිස්පතිවරයා විසින් අද සිදුකරන ලද විශේෂ ප්‍රකාශයේ අන්තර්ගත වූ ප්‍රධාන කරුණු 10ක් පහත පරිදි දැක්විය හැකියි.

1. පාස්කු ප්‍රහාරයට පෙර වුණු සිද්ධි ගැන හුදකලා පරීක්ෂණ කළාට සමස්තය ගැන හරි විමර්ශනයක් නොකිරීමෙන් එය වළක්වා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා.

2. විමර්ශන කරලා තියෙන්නෙ මේක IS මතවාදය දරන කණ්ඩායමක් ඉන්න බව කියන්න කළ ප්‍රහාරයක් යන උපකල්පනයේ ඉඳන්. ඒක මූලික විමර්ශන වල සිදූ වූ වරදක්.

3. විමර්ශන වලට විදේශ රටවලින් උදව් ගනිමින් ඉන්නවා. ඒ සඳහා නීති උපදෙස් ගනිමින් ඉන්නවා.

4. විමර්ශනවලට අදාළව දුරකථන අංක ලක්ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

5. විමර්ශනයන්ට අදාළව 723 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 311 ක් මේවන විටත් රැදවුම්භාරයේ හෝ රිමාන්ඩ් භාරයේ පසුවනවා.

6. ත්‍රස්තවාදින්ගේ සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල තිබු රුපියල් මිලියන 365 ක් වටිනා මුදල්, චංචල සහ නිශ්චල දේපල රාජසන්තක කළා.

7. පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධින් අටට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩුවද ඇතුළත්ව මේ වන විට මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා 11 ක් විත්තිකරුවන් 46 කට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙනවා.

8. පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව වෙළුම් 104 ක් නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර එම වෙළුම් පිටු 52,000 කින් සමන්විතයි.

9. පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ නොවූවත්, ඒ සදහා පසුබිම සකස් කළ යමෙකු සිටීද යන්න සම්බන්ධව තොරතුරු සොයා ගැනීම සදහා තවත් විමර්ශන සිදුවෙමින් පවතින අතර ඒවායේ විමර්ශන තවම අවසන් වී නැහැ.

10. කුමන පීඩාකාරී තත්ත්වය යටතේ වුවද විමර්ශන කණ්ඩායම් තම වෘත්තීමයභාවය ඉතා උසස් ලෙස පවත්වාගෙන යමින් ශක්තිමත් නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සදහා විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...