25 C
Colombo
Sunday, May 19, 2024

ක්‍රිකට් ආයතනයෙන් ස්වාධීන කමිටුවක්

- Advertisement -

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

එස්.අයි.ඉමාම් – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

රෝහිණි මාරසිංහ – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

අයිරාංගනී පෙරේරා – විශ්‍රාමික මහාධිකරණ විනිසුරු

යන පුද්ගලයින්ගෙන් මෙම ස්වාධීන කමිටුව සමන්විත වෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම, එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය එම නිර්දේශ වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...