ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරඟය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයක්.
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් බවට පත් වුණා.
කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියා.
මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිතයි.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 92 ක්, විරාත් කෝලි ලකුණු 88 ක් හා ශ්‍රියාස් අයියර් ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුෂංක කඩුලු 5 ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 55 ක් වන අතර ඒ අනුව තරගය ලකුණු 302 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.