26 C
Colombo
Monday, December 4, 2023

කැනඩාව හා ඉන්දියාව අතර හොඳ හිත පළුදු වෙලා

- Advertisement -

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී ඔහුගේ ගුවන් යානය සම්බන්ධයෙන් හට ගත් යම් දෝෂයක් හේතුවෙන් ඔහුගේ සංචාරය සැලසුම් කළ කාලයට වඩා දින දෙකකින් දීර්ඝ වී තිබෙනවා.

G20 සමුළුව අවසානවීමත් සමඟ පසු ඔහු කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් ගුවන් යානයේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහුට ඉන්දියාවේ තව දිනක් රැඳී සිටීමට සිදුව තිබුණා.

කෙසේ වෙතත් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ වන විට ඉන්දියාවෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් කැනඩාවේ ඔහුගේ විරුද්ධවාදීන් මෙන්ම ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඔහුව හාස්‍යයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

බීබීසි ලෝක සේවය වාර්තා කරන්නේ මෙම සිදුවීමට පෙර කැනේඩියානු අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර එය එතරම් මිත්‍රශීලී හමුවක් නොවුණු බවයි .

මේ අතර  කැනඩාව සහ ඉන්දියාව අතර සබඳතා පසුගිය කාලයේ අයහපත් අතට හැරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවන් පසුබිමක ජස්ටින් ටෘඩෝගේ ඉන්දියානු සංචාරය කැනඩාව හා ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවට එය වඩා අයහපත් තත්වයකට පරිවර්තනය වීමට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.  

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණීමට පෙර කැනඩාව සහ ඉන්දියාව අතර පවතින වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නතර කරන බවද නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් කැනඩාව සහ ඉන්දියාව අතර හට ගෙන ඇති මෙම  ආතතියට කැනඩාවේ මේ වන විට මතුව ඇති සික් ජාතිකයින්ගේ විරෝධතා හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී ජල ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා. එම විරෝධතාවය බත්තරමුල්ල පොල්දූව හන්දියේ පැවැත්වෙන බව සඳහන්...

මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

නෝටන්බ්‍රිජ් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04)...

කළමනාකරණ සේවා තනතුරු ගැන ගත් අලුත්ම තීරණය

2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට බඳවා ගැනීම් සිදුකර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක...

POPULAR ARTICLES

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...