29 C
Colombo
Saturday, May 18, 2024

ඉන්දු – ශ්‍රී ලංකා ගැටුම අද

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (02) පැවැත්වෙනවා.

වන්කඩේ ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිත අතර, 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී  අවසන් වරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී හමු වී තිබුණා.

මෙම තරඟය ඉතාමත් තීරණාත්මක වන අතර ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගන්නට නම් ඔවුන්ට ඉතිරිව තිබෙන තරඟ තුනම ජයගෙන ශුද්ධ ලකුණු වේගයද ඉහළ මට්ටමක රඳවා ගත යුතු වෙනවා.

මීට අමතරව ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සහභාගීවන මීළඟ තරග තුනෙන් දෙකක් පරාජය වන්නටත් සිදුවනවා.

එමෙන්ම, මේ වන විට ලෝක කුසලාන තාර්ඟාවලිය තුළ අපරාජිතව සිටින  ඉන්දියානුවන් මෙම තරඟය ජයගත හොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්දින ලෝක කුසලානයකදී තරඟ වදින 10 වැනි අවස්ථාව මෙය වන අතර ඉන් අවස්ථා 4 බැඟින් දෙපිලම ජය ගනිද්දී එක් තරඟයක් විසඳුමකින් තොරව අවසන් වුණා.

කෙසේවෙතත්, ඉන්දීය කණ්ඩායම 2007 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී නැහැ.

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ධනංජයද සිල්වා වෙනුවට දුනිත් වෙල්ලාලගේ කැඳවීමටද ඉඩ පවතින බව ක්‍රිකට් ආරාංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අතරවාරයේදී, අතිරේක වේග පන්දු යවන්නෙකු ලෙස ප්‍රමෝද් මධුශාන් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...