කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4 % ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% බවයි
ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම අගය 2023 දෙසැම්බර් මාසයේදී 0.3% ක අගයක් ගත් බව සඳහන්.