29 C
Colombo
Wednesday, July 17, 2024

ඉරවටේ රවුමක් ගිය, උල්කාවලට ගොඩබැස්ස- ජපාන් යානය

- Advertisement -

හයබුසා 2 යානයට තියෙන්නෙ විස්මිත කතාවක්. අවසන් වරට අපේ අය හයබුසා 2 යානය පියවි ඇසින් දකිද්දී මහින්ද රාජපක්ෂ ලංකාවෙ ජනාධිපති. අවුරුදු හයකත්, දවස් තුනකට පස්සේ තමයි හයබුසා 2 දකින්නේ. හැංගිලා හිටපු හයබුසා 02 කියන්නේ කවුද? හයබුසා හැංගුණේ කොහොමද?

හයබුසා ඉර වටේ රවුමක් ගියා. 2014 දෙසැම්බර් මාසයේදී ජපන් අභ්‍යවකාශ මෙහෙයුමක් ලෙස හයබුසා පටන්ගත්තා. ඒ කියන්නේ ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ඒ යානයෙන් හොයන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය පටන්ගත්ත හැටි සහ විශ්වය පටන්ගත්ත හැටි ගැන. (කොහෙද විවිධ ආගම්වල අය මේක දෙවියන් මැව්වා, මහ බඹු මැව්වා කියලා කිව්වාට මනුෂ්‍ය වර්ගයාට ඒවා විශ්වාස කරගෙන ඉන්න බෑ. හොයාගෙනම දැනගන්න එපැයි.)

මේ යානය උල්කාපාතවලටත් ගොඩබැස්ස එකක්. එහෙම ගොඩබැහැලා, ඒවායින් එකතු කරගත්ත පස් තියෙන පොඩි කැප්සියුල් එකක් පෘථිවියට ඉහළින් අතාරින්න නියමිතයි. ඒක අතාරින්නේ කිලෝමීටර් 220,000ක් උඩ ඉඳලා. ඒ නිසා ලේසි පාසු කැච් එකක් නෙවෙයි අල්ලන්න තියෙන්නේ. ජපාන මෙහෙයුමක් වුණාට කැප්සියුල් එක දාන්නේ ඕස්ට්‍රේලියාවේ වුමෙරා කියන ඒරියා එකට. ඒක වෙන්න නියමිත දෙසැම්බර් 05 වැනි ඉරිදා.

මේ යානය 2018 දී රියුගු කියන ග්‍රාහකයට ගොඩබැස්සේ ඉරේ අනෙක් සයිඩ් එකට ගිහින්. ඒ වෙද්දී කිලෝමීටර් බිලියන 3.2ක් මේක ගමන් කරලා තිබුණා. රියුගු ග්‍රාහකයට ගොඩබැස්සා කීවාට, ගොඩක් වෙලා හිටියේ නෑ. මේ රොබෝ යානය ග්‍රාහකය මතට පොඩි පෙත්තක් හලලා, දූවිලි ටිකක් හූරාගෙන එකතු කරගෙන.

ඒත්, ඒක එතැනින් නැවතුණේ නෑ. තවත් වතාවක් ග්‍රාහකයකයේ යට පැත්තට ගොඩබැහැලා, අවුරුදු බිලියන 4.6ක් පරණ ග්‍රාහකයේ මතුපිට දේවල් එකතු කරගත්තා.

මේ ග්‍රාහක කෑලි බිහිවුණේ අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවෙද්දීම බව තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ, ඒවායේ තියෙන පස් අංශු බලලා සෞරග්‍රහ මණ්ඩලයේ උපත ගැන හොයන්න පුළුවන්. ඊළඟට රියුගු ග්‍රාහකයේ තියෙන කාබනික අංශු ගැනත් බලනවා. ඒ කාබනික අංශු විශ්වයේ තියෙන හරි භයානක කිරණවලින් විනාශ නොවී ආරක්ෂා වෙලා තියෙන බව විශ්වාස කරනවා. කාබනික ද්‍රව්‍ය කියන්නේ ජීවය බිහිවෙන්න මුල්වෙච්ච කාරණයක්. ඒ නිසා ඒ වගේ කාබනික ද්‍රව්‍ය ජීවය බිහිවෙන්න බලපෑවාද කියලා බලන්න පුළුවන්.

දැන් විද්‍යාඥයො නියපොතු හප හපා ඉන්නෙ ඒ සාම්පල් ටික ඕස්ට්‍රේලියාවට අත්හරිනකල්.

වැඩේ කියන්නෙ මේ කැප්සියුල් එක සෙන්ටිමීටර් 40ක එකක්. ඒක හොයාගන්නේ මෙහෙමයි. උඩින් ඒක අතාරිද්දී පුංචි ගිනි බෝලයක් බවට පත්වෙනවා. ඒත් වටේට පොඩි ආරක්ෂාවක් දාලා තියෙන නිසා ඇතුළේ තියෙන ඒවාට හානියක් වෙන්නෑ. (මතුරලා දාපු ආරක්ෂාවක් නෙවෙයි.) චන්ද්‍රිකාවලින් ඒ දිහා බලා ඉන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා. පෘථිවියට කිලෝමීටර් 10ක් විතර ළංවුණාම ඒක පොඩි පැරෂුට් එකක් හදාගෙන ගොඩබහිනවා. බිමට බැස්ස ගමන්, ඒ කැප්සියුල් එක තමන් ඉන්න තැන ගැන සංඥාවක් එවනවා. හදිසියේ සංඥාව හරියට ආවේ නැත්තං විද්‍යාඥයන්ට පොළොව පීරලා බඩු හොයන්න වෙනවා. එහෙම වුණොත් ඕස්ට්‍රේලියන් රටේ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලාවි.

(සමහරවිට ඕස්ට්‍රේලියාවට ගොඩබහින්න තෝරගන්න තවත් හේතුවක් වෙන්න ඇත්තේ එහේ මිනිස්සු අහිංසක නිසා වෙන්න ඇති. ඔය කැප්සියුල් එක බිමට වැටුණම, ඒක හංගගෙන කීයකට හරි විකුණගන්න බලන්නැති මිනිස්සු ඉන්නවා කියල හිතන හින්දා වෙන්න ඇති.)

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල,  කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ  සිව් හැවිරිදි, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...