30 C
Colombo
Thursday, June 8, 2023

බැසිල් වෙනුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය අර්බුදකාරී තත්ත්වයක පවතිනවා.

රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජගත් වැල්ලවත්ත මහතා එම ධූරයෙන් ඉවත් කොට එහි නව සභාපතිවරයා ලෙස පසුගිය 19 වනදා විජිත හේරත් මහතාව නව සභාපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එම ධූරයේ රැදී සිටිමින් කටයුතු කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් තුළදී භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් සභාපති ධුරයට පත් කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු අනුමැතිය

සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව අඩු පොලියට...

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...