27 C
Colombo
Wednesday, July 17, 2024

ලලිත් – තිලක් සජබෙට

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් , සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (10)  මේ බව පවසා තිබුණා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව චරිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළා.


RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබිමක් සිදු තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය...

පොහොට්ටු ලකුණින් අපේක්ෂකයෙක් ඉන්නවා -සංජීව

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෙකු සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ,අද (16) අද රාජගිරිය...

ලබන මාසයේ එන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

ස්ට්‍රයික් එක ගැන අනුරයි ලාල්කාන්තයි මත දෙකක

මේ වන විට වැඩකරන ජනතාව විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සාධාරණ බවත් ඒවා මැතිවරණ සමයකදී හෝ අයවැය සමයකදී හෝ වෙනත් ඕනෑම සමයකදී ආරම්භ...