26 C
Colombo
Wednesday, February 19, 2025

වතු ජනතාවට ඉඩම් අයිතිය

- Advertisement -

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.

එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතු වල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනා ගනු ලැබ ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීම පිණිස ජනාධිපතිවරයා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES