29.3 C
Colombo
Saturday, April 13, 2024

ලිබියාව කබලෙන් ලිපට වැටෙයි

- Advertisement -

ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්වයෙන් පසු බිම් බෝම්බ අවදානමක් මතුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වසර ගණනකාවක් ලිබියාවේ පැවති ගැටුම්වල දී වළ දමා තිබූ බිම් බෝම්බ ජලයට ගසාගෙන ගොස් තැනින් තැන ඉතිරිවීම හේතුවෙන්.

2011 වසරේ හිටපු ලිබියානු පාලක මුහම්මර් ගඩාෆි බලයෙන් ඉවත් කළ පසු ආරම්භ වූ නේටෝ සංවිධානයේ සහයෙන් යුත් පාලනයට එරෙහිව විවිධ සංවිධාන කැරළි ගැසීම හේතුවෙන් වසර ගණනක් පුරා දරුණු ගැටුම් පැවති අතර එහිදී වළ දැමූ බිම් බෝම්බ ජල ගැල්මට හසු වී මතුපිටට පැමිණ ඇති බවට වාර්තා වනවා.

සතියකට පමණ පෙර ලිබියාවේ ඇති වූ දරුණු ගං වතුර හේතුවෙන් ඩර්නා නගරයේ විසි දහසකට ආසන්න පිරිසක් මියගොස් ගොඩනැගිලි 891ක් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නිවාස අහිමි වූ දහස් ගණනක් එළිමහනේ දිවි ගෙවන අතර, අපිරිසිදු ජලය විෂ ශරීරගත වූ 150 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

වෘෂණ කෝෂ තලපු පොලිස් නිලධාරීන්ට දේශබන්දුගෙන් දොස්

0
පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඔහු මෙම අදහස් පළ...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු මරුට

ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස සිය සොහොයුරා​ව ඝාතනය කර ඇත්තේ, ඉඩම් ආරවුලක්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...