මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට සතියක කාලයක් පුරාවට සියලුම ශාඛාවන් වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
අදාළ නිවේදන මගින් වාණිජ බැංකු සදහන් කර ඇත්තේ රට තුළ පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC, නේෂන්ස් ට්‍රස්ට්, HNB, අමානා, යූනියන් බැංකුව ඇතුළු වාණිජ බැංකු වසා තැබෙනවා.
පාරිභෝගිකයන් සිය ගනුදෙනු කටයුතු සඳහා Online බැංකු ක්‍රම භාවිතා කරන ලෙසට අදාළ වාණිජ බැංකු විසින් ඉල්ලා සිටිනවා.
ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙස මෙම බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටියි.