26.8 C
Colombo
Sunday, May 19, 2024

මැදවච්චියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

- Advertisement -

පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධීයට අදාළ නඩුව අද (08) මැදවච්චිය මහේස්ත්‍රාත් නිමේෂා ධර්මදාස හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙනවා.

මන්නාරම – මැදවච්චිය මාර්ගයේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ බව කියන කුඩා ලොරි රථයක රියදුරුට සහ සහයකයාට පොලිසිය විසින් පසුගියදා පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔවුන්ට ඇප ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ගේ නීතිඥයින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් පදවිය සහ කැබතිගොල්ලෑව පොලිස් ස්ථානවල මේ වන විට සේවය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...