25 C
Colombo
Sunday, May 19, 2024

ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවට යන්න ඉන්න අයට පණිවිඩයක්

- Advertisement -

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් පවසන්නේ එම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවයි.

එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඒ අනුව, මෙම සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දමනු ලැබුවා.

එමෙන්ම,  ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය වන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම්ද ඉහළ දැමීමටද එරට බලධාරීන්  පසුගිය මාර්තු මාසයේදී තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...