32 C
Colombo
Sunday, June 4, 2023

මෙසී බාසිලෝනාවට සමුදෙයි

- Advertisement -

ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී තවදුරටත් තම ක්‍රීඩා සමාජය රැදී නොසිටින බවට ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිවේදනය කළා.

සිය නිල සමාජ ජාල ගිණුම් හරහා එම නිවේදනය නිල වශයෙන් ක්‍රීඩාලෝලින් වෙත ගෙන එමින් ක්‍රීඩා සමාජයේ කළමනාකරුවන් සදහන් කළේ ” මෙසී හා බාසිලෝනා ක්‍රීඩා සමාජය අතර දෙපාර්ශවයේම එකගතාවය පරිදි ඊයේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට නියමිතව තිබුනද, මුල්‍යමය හා ව්‍යුහාත්මක බාධාවන් හේතුවෙන් නව කොන්‍ත්‍රාත්තුවට අත්සන් නොතැබුණු බවයි. “

ඒ අනුව බාසිලෝනා ක්‍රීඩා සමාජය අයත් ස්පාඤ්ඤය ලීග‍යේ රේගුලාසිවලට අනුකූලව මෙසී තවදුරටත් තම ක්‍රීඩා සමාජයේ රැදී නොසිටිණු ඇති බවත්, ක්‍රීඩකයාගේ සහ ක්‍රීඩා සමාජයේ බලාපොරොත්තු ඉටු නොවීම පිළිබදව දෙපාර්ශවයම බලවත් කණගාටුව පල කරන බවත් බාසිලෝනා ක්‍රීඩා සමාජය සිය නිල සමාජ ජාලා ගිණුම් ඔස්සේ නිකුත් කළ නිවේදනයේ සදහන් වුණා.

21 වැනි සියවසේ පාපන්දුව සහ පාපන්දු ක්‍රීඩා ලෝලින් අතර ඇතිවු බැදීම කොතරම්ද යත්, ඒ තරමටම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ලයනල් මෙසී හා බාසිලෝනා නාමය සමග එකට බැදී සිටියා.

2000 වසරේ තරුණ ක්‍රීඩකයෙකු ලෙස මුල්වරට ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රිඩ සමාජය සමග එක්වන ආජන්ටිනා ජාතික ලයනල් මෙසී 2003 – 2004 තරගවාරයේ බාසිලෝනා C කණ්ඩායම වෙනුවෙන් ගෝල 05ක්ද, 2004 – 2005 තරගවාරයේ බාසිලෝනා B කණ්ඩායම වෙනුවෙන් ගෝල 06ක්ද රැස්කර ගැනීමට සමත්වුණා.

ඒ අවසරයෙන් 2004 වර්ෂයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කණ්ඩායම සමග එක්වූ ලයනල් මෙසී එතැන් සිට මේ දක්වා එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ස්පාඤ්ඤ ලීගයේදි ( La liga ) ගෝල සංඛ්‍යාව 474ක් ලබාගෙන ඇති අතර එය ඉතිහාසයේ එක් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවයි.

බාසිලෝනා කණ්ඩායම නියෝජනය කළ වසර 17ක කාලය තුළ La Liga ශූරතා 10ක්, Copa del Rey ශූරතා 07ක්, UEFA Champions Leagues ශූරතා 04ක් සමග ක්‍රීඩා සමාජය වෙනුවෙන් සමස්ත ශූරතා 34ක් දිනාදීමට ලයනල් මෙසී සමත්ව තිබේ.

එසේම වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන Ballon d’Or සම්මානය 06 වරක් දිනා ඇති මෙසී පසුගිය වසරේ Ballon d’Or Dream Team නැතහොත් ඉතිහාසයෙව් විශිෂ්ඨතම පාපන්දු කණ්ඩායමටද නම් කරන ලදි.

කෙසේ වෙතත් මෙසී බාසිලෝනාවෙන් පිටවීමත් සමග ලොව පුරා පාපන්දු ක්‍රීඩාලෝලීන් මේ වන විට බලාසිටින්නේ 34 හැවිරිදි මෙසීව තම කණ්ඩායමට එක්කරගන්නා මීළග ක්‍රීඩා සමාජය කුමක්ද ඒ කවර වටිනාකමකටද යන්න පිළිබදවයි.

ඒ සම්බන්ධයෙන් මෙසී බාසිලෝනාවෙන් ඉවත්වී ගෙවිගිය පැය කිහිපය තුළ පමණක් ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලින් අතර විශාල කතිකාවක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනෙක් මෙසීව ප්‍රංශයේ Paris Saint-Germain කණ්ඩායම විසින් හෝ ජර්මනියේ Bayern Munich කණ්ඩායම විසින් මිලදී ගතැයි මත පල කරනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.