26.8 C
Colombo
Sunday, May 19, 2024

මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා

- Advertisement -

මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ හඬපටයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් පුද්ගලයකු උන්වහන්සේගෙන් කප්පම් ඉල්ලා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා.

එම හිමියන්ගේ හඬ පටයක් සහ වීඩියෝ පටයක් එම පුද්ගලයා සතුව තිබෙන බවත් රුපියල් කෝටියක මුදලක් නොදුනහොත් එය සමාජ මාධ්‍යට මුදා හරින බවට වට්ස්ඇප් හරහා ඇමතුමක් දුන් බව හිමියන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

මිහින්තලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම වීඩියෝ පටය සහ හඬ පටය ඔහුගේ මුහුණ පොතේ පළ කර ඇති අතර මේ වන විට එය ඉවත් කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...