26 C
Colombo
Friday, October 25, 2024

පුටින් බලන්න මෝදි ගිහින්

- Advertisement -

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08) රුසියාව වෙත පැමිණ තිබුණා.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසුව මෝදී රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙස මෙම සංචාරය ඉතිහාසයට එක්වනු ඇති.

මොස්කව් නුවර වින්යුකෝවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රතු පලස මතින් පැමිණි ඉන්දීය අගමැතිවරයාව රුසියානු රජයේ පළමු නියෝජ්‍ය සභාපති ඩෙනිස් මොන්චියෙරොෆ් විසින් පිළිගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සංචාරයේ පළමු දිනය වූ ඊයේ අගමැති මෝදි රුසියානු ජනාධිපති ව්ලැ‍දිමීර් පුටින් හමුව මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබෙනවා.

එහිදී අගමැති මෝදි වඩාත් ලෙන්ගතුව පිළිගත් ජනාධිපති පුටින් ඔහුට හිතවත් මිතුරා ලෙස ආමන්ත්‍රණය කර තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තෙවැනි වරටත් ඉන්දීය අගමැති ධුරයට පත්වීම ගැන මෝදි ට සුබ පැතීමට මෙහිදී ජනපති පුටින් කටයුතු කර තිබුණා.

තවද අගමැති මෝදි ඊයේ රාත්‍රියේ ජනපති පුටින් සමඟ පැවති පෞද්ගලික භෝජන සංග්‍රහය අතරතුරදීත් සාකච්ඡාවකට එක්වූ බවටද වාර්තා වනවා.

එහිදි දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා තර කරගැනීම සහ ඉන්දීය ජනතාව නොමඟ ගොස් රුසියානු යුද්ධයේ සටන් වැදීම යන කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුවී තිබෙන අතර රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ යුද වැදී සිටින ඉන්දීය සෙබලු නිදහස් කිරීමට ජනපති පුටින් මෙහිදී එකඟ වු බවට පැවසෙනවා.

රාජ්‍ය නායකයින් අතර නිල ද්වීපාර්ශ්වීය සාකච්ඡා අද (09) මොස්කව් නුවර ක්‍රෙම්ලින් ගොඩනැගිල්ලේදී පැවැත්වෙනවා.

අදාළ සාකච්ඡා ඉතා පුද්ගලික මට්ටමෙන් පැවැත්වෙන බව ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කළ බව විදෙස් වාර්තා පවසනවා.

රුසියානු සංචාරය අවසන් වීමෙන් පසු අගමැති මෝදි අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා ගමන් කිරීමට නියමිතයි.

ඒ අද සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන නේටෝ සමුළුවට එක්වීමේ අරමුණින්.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...