29 C
Colombo
Saturday, May 18, 2024

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

- Advertisement -

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වාද්දුව පොලීසිය පවසන්නේ වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා පොලීසිය විසින් එලෙස වෙඩිතබා ඇති බවයි.  

එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වාද්දුව, මොල්ලිගොඩ සමාන්තර පාරේ පදිංචිව සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි වැඩී තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදුකරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති තිබෙනවා.

පොලීසිය පවසන්නේ එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා ඇති බවයි.

ඔහුව පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිවී තිබෙනවා.

පසුව පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමට කටයුතු කළ බව පොලීසිය තවදුරටත් සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...